Lanka Governance

ස්වස්ති

ශ්‍රී ලංකාව ලෝකයේ ආදර්ශමත් රටක් කෙරුමෙහි ලා ගැනෙන අප්‍රතිහත උත්සාහයක එක් පුරුකක් ලෙස මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරී ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ ආදර්ශමත් රටක් බවට පත් කළ හැකි දැයි යන්න පිළිබඳ සමහරෙකු තුළ සැක තිබිය හැක. එබඳු සැක ඇති අය තවත් කරුණක් පිළිබඳ සිතා බැලීම වටී. ඒ ශ්‍රී ලංකාව ලෝකයේ ආදර්ශමත් රටක් බවට පත් කිරීමට කොහෙත්ම නොහැකි ද යන්නයි. සත්‍යයක් නම් ලෝකය වෙනස් වන බවයි. එබැවින් නිසි මඟක උත්සාහ කෙරේ නම් සහ වීර්යයෙන් යුතුව කටයුතු කෙරේ නම් මේ ඉලක්කය සපුරා ගැනීමට කොහෙත්ම නොහැකි වීමට හේතු කාරණා නොමැත.

ආරම්භයක් ලෙස මෙම වෙබ් අඩවිය ලංකාවේ රාජ්‍ය පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන රටවැසියන් හට ඔවුන්ගේ අදහස් පිළිබඳ සාකච්ඡා කිරීමට පහසුකම් සපයයි. අතිරේක සම්පත් අනාගතයේදී වෙබ් අඩවියට එකතු කෙරෙනවා ඇත.

සමස්ත ලෝකවාසීන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් ද, එකමුතුකම සහ සමඟිය අගයමින් ද, පූර්ව අප මුතුන්මිත්තන් අප වෙත උරුම කර ඇති දායාදයන්ට කෘතඥ වෙමින් ද, මතු පරම්පරාවන් කෙරෙහි අපගේ යුතුකම් වශයෙන් ද මේ උත්සාහය සාර්ථක කරගැනීම පිණිස එකතු වන මෙන් ඇරයුම් කරමු.

අපගේ දැනුම්දීම් ලැබුම සඳහා සන්නිවේදන නාලිකාවන් සමඟ සම්බන්ධ වන්න: