මුදල් පිළිගැනීම හෝ භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවේ. එසේ වෙතත් බුදුරජානන් වහන්සේ පනවා ඇති විනයට පටහැනිව සමහර භික්ෂූන් වහන්සේලා රැකීරක්ෂා කරමින් වැටුප් ලෙස මුදල් පිළිගන්නා බවත් මුදල් භාවිතා කරන බවත් පෙනේ. මෙය බුද්ධශාසනයට උපද්‍රවයකි. මෙම නොමනා ක්‍රියාව නවතා දැමීම පිණිස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඒ යටතේ පාලනය වන සියලු රාජ්‍ය ආයතනවල වැටුප් ලබමින් රැකියා කරන භික්ෂූන් වහන්සේලාගේ වැටුප් ගෙවීම ස්ථිරව නවතාලීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ විස්තර මෙම පිටුවේ දැක්වේ.
ඔබේ අදහස්
මේ පිළිබඳ ඔබේ අදහස් දැක්වීමට සාකච්ඡා මණ්ඩපයේ මාතෘකාවක් විවෘතයි.
ගන්නා ලද පියවර
- 2026-01-14 දින: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යැවීම. ඇමිණුම.
- 2026-01-14 දින: උඩ කී ලිපිය ලැබුණු බව තහවුරු කරන මෙන් දුරකථනයෙන් ඉල්ලා සිටීම.
- 2026-01-16 දින: ප්‍රතිචාරයක් නොලද බැවින් උඩ කී ලිපිය ලියාපදිංචි තැපෑලෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යැවීම.
- 2026-02-19 දින: තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම් සභාව වෙත ඊමේල් පණිවිඩයකින් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම. ඉන් ඉල්ලා සිටියේ පෙර යැවූ ඊමේල් ලිපිය සහ ලියාපදිංචි තැපැල් ලිපිය ලේකම් තුමාට හමුවූවා දැයි තහවුරු කරන ලෙසයි. ඉල්ලීමට ලබා දුන් අංකය: RTI/2026/037
- 2026-03-10 දින: RTI/2026/037 ඉල්ලීමෙන් ඉල්ලා සිටි තොරතුරු මේ වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා නොදීම හේතුවෙන් ඊට අදාළ අභියාචනයක් (RTI-10 පෝරමයට අදාළව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියා (Designated Officer) වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීම.