Lanka Governance

අධිකරණ ඇමැති තුමා බොරු කියන ආකාරය ගැන නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතාගේ අදහස්

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා දැන දැන බොරු කීමේ රංගනයක යෙදී සිටින ආකාරය පිළිබඳ අදහස් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා ඉහත දැක්වෙන වීඩියෝවේ සඳහන් කරනවා. අධිකරණයේ පුරප්පාඩු පිරවීම පිළිබඳ බොරු, පිටරටවල් සමඟ ලංකාවේ විනිසුරු විශ්‍රාම වයස සැසඳීම, විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය අභිබවා රාජ්‍ය බලය ලබා ගැනීමේ උත්සාහය, විනිසුරුතුමන්ලා අවනත කර ගැනීමේ උත්සාහය, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පිළිබඳ, චීනයේ මෙන් පාලන ක්‍රමවේදයක් හදන්න උත්සාහ ගන්නා බවක් පෙනීම ආදී කරුණු පිළිබඳ එතුමන් අදහස් දක්වනවා.