හැඳින්වීම
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රජය විසින් අධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස වැඩි කිරිමට කටයුතු කිරීම පිළිබඳ නිර්මාණය වී ඇති ගැටලු සහගත තත්වය පිළිබඳ තොරතුරු මෙහි පළ වෙනවා. රජය පවසන්නේ නඩු විභාග කිරිම ඉක්මන් කෙරුමට සහ පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස වැඩි කිරීම සිදුකරන බවයි. එසේ වෙතත් නීති ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ රජයේ එම අභිලාෂ අදාළ සංශෝධනයෙන් ඉටු නොවන බවයි. තවද එම ප්‍රතිවිරුද්ධ පිරිස පෙන්වා දෙන්නේ රජය විසින් මේ කරනු ලබන්නේ අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් බවයි.
වෘත්තිකයින් රජය පාර්ෂවයට එල්ල කරන චෝදනා හමුවේ නිසි ප්‍රති තර්ක ඉදිරිපත් කෙරුමට නොහැකිව රජය පාර්ෂවයෙන් කරගෙන යනු ලබන්නේ වෘත්තිකයින්ගේ චෝදනාවලට පදනමක් ඇති බව දැනගෙන ඊට සෘජු පිළිතුරු දීමට නොහැකි බැවින් තමන්ගේ ස්ථාවරයේ වරදක් නැති ලෙස හුවා දැක්වීම පිණිස තම අභිමානය, අවංකකම, පෞරුෂය හා ප්‍රතිරූපය පසෙක තබා ඉතාම බොළඳ තර්ක මතු කරමින් බොරු ප්‍රචාරය කිරීම බව නිරීක්ෂණය කරන්න පුළුවන්.
වර්තමානයේ මතුව ඇති තත්වය පිළිබඳ ඉදිරිපත් කෙරෙන අදහස්, අවධානම් තක්සේරුවක් සහ මහජනතාව ලෙස ඔබ කුමක් කිරීම උචිත දැයි මෙම පිටුවේ පහළින් දැක්වෙනවා.
සාකච්ඡා මණ්ඩපය
මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබ කැමති නම් සාකච්ඡා මණ්ඩපයේ "විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ගැටලුව (2026 වසර)" මාතෘකාව වෙත යොමුවන්න.
මහජනතාව රැවටීම
- ගරු අධිකරණ ඇමති තුමා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ගැන බොරු කීම (2026-08-21 දින සිරස ටීවී සාකච්ඡාව)
- රජය බොරු කීම ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ අදහස් (2026-08-21)
- ආණ්ඩු පක්ෂය ගොඩනඟන ව්‍යාකූලත්වය පිළිබඳ නීතිඥ ගාමිණී අල්විස් මහතාගේ අදහස් (2026-08-20)
- ආණ්ඩුවේ නොමඟ යැවීම ගැන ගම්පහ ප්‍රදේශයේ නීතිඥ සංගම්වල නියෝජිතයින්ගේ අදහස් දැක්වීම් (2026-06-18)
- ජනාධිපති සහ ආණ්ඩුව රටේ ජනතාව රැවටීම පිළිබඳ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතාගේ අදහස් (2026-08-17)
- අධිකරණ ඇමැති තුමා බොරු කියන ආකාරය ගැන නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතාගේ අදහස් (2026-08-16)
අවධානම් තක්සේරුව
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය විසින් මහජනයා නොමඟ යවමින් සහ විද්වතුන්ට ඇහුම් කන් නොදී බලහත්කාරයෙන් අධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කටයුතු කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කිරීමේ අවධානම සංක්ෂිප්තව තක්සේරු කිරීමක් මෙම කොටසේ දැක්වෙනවා.
මෙම අවධානමෙන් අගතිගාමී බලපෑමක් එල්ල විය හැක්කේ රටේ සමස්ථ ජනතාවට. ඔවුන්ගේ පරමාධිපත්‍යයට සහ වෙන් වෙන් වශයෙන් සලකතොත් ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ සමාන ආරක්ෂාවට මින් අගතිගාමී බලපෑම් එල්ල විය හැකියි.
ජනාධිපති සහ රජය විසින් ජනතාව නොමඟ යවමින්, අත්තනෝමතික අයුරින් සහ බලහත්කාරයෙන් කටයුතු කරන බව පැහැදිලිව නිරීක්ෂණය වන බැවින් මීට ප්‍රමාණවත් ප්‍රතිවිරෝධතාවයක් නොදැක්වූවොත් මේ අවධානම සැබෑ විය හැකියි. ශිෂ්ට සම්පන්න බව පසෙක ලා කෙසේ හෝ රජය ඔවුන්ගේ අභිප්‍රාය ඉටු කර ගැනීමට උත්සාහ දරන බව පෙනෙන්නට ඇති බැවින් මේ අවධානම සැබෑ වීමේ හැකියාව සුළු කොට තැකීම සුදුසු නැහැ.
මේ අවධානම සැබෑ වූවොත් කෙබඳු හානියක් විය හැකිද? ජනාධිපති ප්‍රමුඛ රජයේ අවසාන ඉලක්කය නිශ්චිතව කීමට අපහසු වුවත් ජනතාවට බොරු කියන බව පැහැදිලිව පෙනි පෙනී තම ප්‍රතිරූපයට වන හානිය නොසලකා කටයුතු කරන්න තරම් රජය පෙළඹී තිබීම තුළ ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය ජනතාවට දැඩි අප්‍රසන්න දෙයක් විය හැකි බව නිගමනය කරන්න පුළුවන්. විවිධ පාර්ෂවවල අනුමාන කිරීම් මෙසේයි:
- විධායක සහ ව්‍යවස්ථාදායක බලයට අමතරව රාජ්‍ය බලය ඩැහැ ගැනීම
- ආඥාදායකත්වයක් කරා යෑම
- අධිකරණය තම ග්‍රහණයට නතු කර ගැනීම
- තමන්ට පක්ෂපාතී අය වැරදිවලදීත් ආරක්ෂා කර ගන්නා ගමන් අන් අයව සුළු කරුණුවලදීත් පීඩාවට පත් කිරීම
- චීනයේ මෙන් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම
- පාලන බලය ගිලිහී යෑමට නොදී ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් එය රැකගැනීමට කටයුතු කිරීම
ඉහත ආකාරයේ අනුමානවලට අනුව අවධානම සැබෑ වූතොත් ඉන් සිදුවිය හැකි හානිය අති බරපතලයි.
තවත් බරපතළ ගැටලුවක් වන්නේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සිදුවුවහොත් එහි ප්‍රතිඵලය වර්තමාන රජයට පමණක් සීමා නොවී පසු රජයන්ට පාර්ලිමේන්තු බලය පමණක් භාවිතා කොට තමන්ගේ වාසියට අධිකරණයට බලපෑම් එල්ල කරන්න පූර්වාදර්ශයක් ලබා දීම. මේ හේතුව නිසාත් වර්තමාන රජය ගන්නා උත්සාහයේ නරක ප්‍රතිඵල අනාගතයේ මහජනතාවට විඳින්න හැකියාවක් තියෙනවා.
සදාකාලික නොවන සහ අල්පමාත්‍ර මානසික ආස්වාදයක් වෙනුවෙන් බොහෝ දෙනාගේ නිදහසට බාධා වන අයුරින් සහ බොහෝ දෙනා පීඩාවට පත්විය හැකි අයුරින් කටයුතු කිරීම නුසුදුසු බව නොතේරෙන පාලකයින් ලෝකයේ සිටීම ඛේදවාචකයක්.
නිහඩ පිළිවෙතක් රැක්කොත් අවධානම සැබෑ වීමේ හැකියාවේ වැඩි බව සහ අවධානම සැබෑ වූවොත් ඉන් රටේ සමස්ථ ජනතාවට සිදුවිය හැකි බරපතල හානිය සලකා බලන විට මේ අවධානම පිළිබඳව සක්‍රීයව කටයුතු නොකර එය නොසලකා හැරීම බෙහෙවින්ම අමනෝඥ ක්‍රියාවක්.
මහජනතාවගෙන් ඉල්ලීම
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන ඔබගේ අප්‍රසාදය ජනාධිපති ප්‍රමුඛ රජයටත් අන් ජනතාවටත් දැනගැනීමට සලස්වන්න. මේ ඔබට කළ හැකි දෑ කිහිපයක්:
- සමාජ මාධ්‍යය භාවිතා කොට ඔබගේ අප්‍රසාදය දක්වන්න.
- ජනාධිපති ආමන්ත්‍රණය කොට ජනාධිපති ලේකම් කාර්යාලයට විද්‍යුත් තැපෑලෙන් හෝ සාමාන්‍ය තැපෑලෙන් ලිපි හරහා ඔබේ අකමැත්ත දන්වන්න.
- රජය පාර්ෂව කියන දෑ හුදෙක් කී පමණින් නොපිළිගන්න. සත්‍ය කරුණු මත පදනම්ව තර්කානුකූලව තීන්දු තීරණවලට එළැඹෙන්න.
- දැන දැන බොරු කියමින් රට ගොඩනැඟීම ගැන තමන් ගන්නා උත්සාහය ගැන කතා කරන අය ප්‍රතික්ෂේප කරන්න.
- කුළල්කන දේශපාලන සංස්කෘතියක් වෙනුවට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට උත්සුක වන්න.
- සත්‍යවාදී වන්න.
- සත්‍යය ඉස්මතුවන ලෙස මෙම වෙබ් පිටුවේ සහ දැක්වෙන වීඩියෝ ආදියේ සබැඳි අන් අය වෙත බෙදා දෙන්න.